<<<<<<<<<<<<<<<<<<<<<<<<<LET US BUILD THE YOUTH MOVEMENT FOR BETTER SOCIETY>>>>>>>>>>>>>>>>>>>>>>>>>

Monday, July 8, 2013

Climate Change with Science and Political

දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීමේ දී
විද්‍යාව හා දේශපාලනය


වර්තමාන ලෝකයේ වඩාත් බරපතළ පාරිසරික අර්බුදය සේ සැලකිය හැකි දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම හා සම්බන්ධ ජාත්‍යන්තර සාකච්ඡාවක්‌ පසුගිය මාසය මුල දී ජර්මනියේ බොන් නගරයේ දී පවත්වන ලදි. මෙහි දී සාකච්ඡා වූ කරුණු අනුව පෙනෙන්නේ අදාළ උත්සාහය හා සම්බන්ධ කිසියම් මිශ්‍ර ප්‍රතිඵලයක්‌ ඇති වූ බව ය. විශේෂයෙන් 2015 වර්ෂයේ දී ඇති කරගැනීමට නියමිත සැම රටකට ම බලපාන්නා වූ නව දේශගුණ ගිවිසුමක්‌ පිළිබඳ අරමුණ ශක්‌තිමත් වීම මෙහි දී ඇති වූ කැපී පෙනෙන වර්ධනයකි.

බොන් සාකච්ඡාවල අවධානයට ලක්‌ වූ වැදගත් කරුණක්‌ වන්නේ දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම සඳහා එක්‌ එක්‌ රටවල් දක්‌වන දායකත්වය තමන් විසින් ම නිර්ණය කරගැනීම සඳහා වූ උත්සාහයයි. මේ ප්‍රයත්නයට යුරෝපා සංගමයේ රටවල සහයෝගය ලැබෙන අතර එහි දී අදාළ ඉලක්‌ක වෙනත් පාර්ශ්ව විසින් නිරීක්‌ෂණය කරනු ලැබීමට නියමිත ය. මේ අදහසට ඇමෙරිකාවේ ද සහයෝගය ලැබී ඇත. දේශගුණ සාකච්ඡා ඉදිරියට යැමේ දී ඇති වූ එක්‌ මූලික ගැටලුවක්‌ වූයේ එක්‌ එක්‌ රටවල දායකත්වය නිර්ණය කිරීම වන බැවින් මේ නව යෝජනාව ඒ තත්ත්වය විස`දාලීමට යෝග්‍ය බව පෙනේ. එහෙත් එය සමස්‌ත දේශගුණ වෙනස්‌ වීම පාලනය සඳහා කෙතරම් ප්‍රමාණවත් ද යන්න නම් තවමත් ගැටලුවක්‌ වනු ඇත.

ඉදිරි දේශගුණ ගිවිසුමක්‌ ක්‍රියාත්මක වන්නේ 2020 දී වන බැවින් ඇති වන ප්‍රමාදය මෙහි දී අවධානයට ලක්‌ විය යුතු කරුණකි. මෑත කාලයේ දී ප්‍රකාශයට පත් බොහෝ විද්‍යාත්මක වාර්තාවලින් කඩිනමින් ක්‍රියාත්මක වීමේ ඇති වැදගත්කම අවධාරණය කර තිබේ. එවැනි නිදසුන් කිහිපයක්‌ මෙසේ දැක්‌විය හැකි ය.

විද්‍යාත්මක දත්ත පෙන්වන සත්‍යය

ජාත්‍යන්තර බලශක්‌ති ඒජන්සිය (IEA) නිකුත් කළ වාර්තාවකට අනුව වර්තමාන තත්ත්වය අනුව, ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 3.6ත් 5.3ත් අතර ප්‍රමාණයකින් පමණ ඉහළ යා හැකි ය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, කඩිනම් පියවරක්‌ නො ගත හොත් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම බරපතළ තත්ත්වයේ ප්‍රතිඵල ඇති කරනු ඇතැයි පුළුල් ලෙස පිළිගැනෙන අංශක දෙකේ සීමාව ඉක්‌මවා යා හැකි ය. අනාගත උෂ්ණත්ව ඉහළ යැම අංශක දෙකක මට්‌ටමේ පවත්වාගැනීමට නම්, බලශක්‌තිය සම්බන්ධව අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති 4ක්‌ ද මේ වාර්තාවේ දක්‌වා තිබිණි. ගොඩනැ`ගිලි, කර්මාන්ත හා ප්‍රවාහන යන අංශවල බලශක්‌ති කාර්යක්‌ෂමතාව නැංවීම, අඩු කාර්යක්‌ෂමතාවකින් යුක්‌ත ගල් අඟුරු බලාගාර ඉදි නො කිරීම හා පුනර්ජනනය කළ හැකි බලශක්‌තියේ දායකත්වය ඉහළ නැංවීම, තෙල් හා ගෑස්‌ කර්මාන්තයෙන් නිකුත් වන මීතේන් ප්‍රමාණය අඩු කිරීම හා ෆොසිල ඉන්ධන සඳහා ලබා දෙන සහනාධාර ක්‍රමයෙන් අහෝසි කිරීම වේ. (Redrawing the Energy-Climate Map,www.iea.org)

ලෝක බැංකුව ම`ගින් පසුගිය දා නිකුත් කළ වාර්තාවකින් ද සෙල්සියස්‌ අංශක 4ක උෂ්ණත්ව ඉහළ යැමක්‌ වැළැක්‌විය යුත්තේ ඇයි ද යන්න පැහැදිලි වේ. අද වන විට දැකිය හැකි උෂ්ණත්ව ඉහළ යැම සෙල්සියස්‌ අංශක 0.8ක්‌ පමණ වන තත්ත්වයේ දී හා ඉදිරියේ දී ඇති විය හැකි සෙල්සියස්‌ අංශක 2ක හා 4ක උෂ්ණත්ව ඉහළ යැමක දී විවිධ අංශවල ඇති විය හැකි දේශගුණ බලපෑම් එම වාර්තාවේ අවධානයට ලක්‌ ව තිබේ. උප සහරානු අප්‍රිකාවේ, අග්නිදිග ආසියාවේ හා දකුණු ආසියාවේ ඇති විය හැකි බලපෑම් පිළිබඳව අවධානය යොමු කර තිබෙන අතර සෙල්සියස්‌ අංශක දෙකක සීමාවේ රැඳී සිටීමේ ඇති වැදගත්කම මේ අනුව පෙනේ. (^Turn down the heat : climate extremes,regional impacts, and the case forresilience, www.worldbank.org)

ලෝක බැංකුවේ සභාපති ජිම් යොංග් කිම් ලන්ඩනයේ පැවැති සමුළුවක්‌ අමතමින් පසුගිය දා පවසා සිටියේ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව වාද කිරීම නැවැත්වීමට කාලය පැමිණ ඇති බව ය. දේශගුණ වෙනස්‌ වීම ඇති කරනු ලබන්නේ මිනිසුන් ගේ කටයුතු නිසා ද යනුවෙන් තර්ක කරමින් නො සිට බරපතළ උෂ්ණත්ව ඉහළ යැමක්‌ වැළැක්‌වීම සඳහා පියවර ගැනීම කළ යුතු බව ඔහු පවසා තිබිණි. ලෝකයේ දේශගුණ විද්‍යාඥයන් අතරින් 97-98%ක්‌ අතර ප්‍රමාණයක්‌ මානව ක්‍රියාකාරිත්වය හේතුවෙන් මේ තත්ත්වය ඇති වන බව පිළිගන්නා බැවින්, යමකු මිනිසුන් විසින් දේශගුණ වෙනස්‌ වීම ඇති කළ බවට ඇති විද්‍යාත්මක සාධකවලට එකඟ නො වන්නේ නම් අදාළ තැනැත්තා එකඟ නො වන්නේ විද්‍යාවට බව බැංකු සභාපතිවරයා පවසා තිබිණි.

දියුණු රටවල වැඩි අවධානයක්‌ අවශ්‍යයි

දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව ලෝකයේ වැඩි අවධානයක්‌ යොමු කළ යුතු බව පැහැදිලි ය. ලෝකයේ බොහෝ ගැටලු වර්තමාන දේශගුණ වෙනස්‌වීම සමඟ බැඳී පවතී. කෘෂිකර්මය, ජල සුරක්‌ෂිතතාව, ආන්තික කාලගුණ තත්ත්වවල වර්ධනය හා දරිද්‍රතාව නිමා කිරීම වැනි කරුණු මේ අතරින් වඩා දැඩි ලෙස වඩාත් සෘජු ලෙස මිනිසුන්ට දැනෙන බලපෑම් වේ. මේ බලපෑම් ඇති වීමත් සමඟ ඇතැම් රටවල හා ජනතාව ගේ වැඩි අවධානයක්‌ දේශගුණ වෙනස්‌ වීම කෙරේ යොමු වීමට පවා ඉඩ තිබේ.

දේශගුණ වෙනස්‌ වීමෙන් බ්‍රිතාන්‍යයට සෘජු ව ඇති වන බලපෑම්වලට වඩා බරපතළ බලපෑමක්‌ වක්‍ර ව ඇති විය හැකි බව එරට ක්‍රියාත්මක පර්යේෂණ ආයතනයක්‌ පෙන්වා දෙයි. එනම් වෙනත් රටවල ඇති වන බලපෑම් නිසා බ්‍රිතාන්‍යයට ද දැඩි බලපෑම් ඉක්‌මනින් දැනෙනු ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත් පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් වෙනස්‌ වීම දැක්‌විය හැකි ය. විශේෂයෙන් ආහාර ද්‍රව්‍යවල මිල ගණන් විචල්‍ය විය හැකි අතර එය ආහාර සැපයුමට පවා බලපෑමක්‌ ඇති කිරීමට හේතු වේ. ඇතැම් ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය රටවල් කිහිපයකට පමණක්‌ සීමා වී තිබීම නිසා මේ තත්ත්වය උග්‍ර විය හැකි ය. දේශගුණ වෙනස්‌ වීම නිසා ඒවාට යම් බලපෑමක්‌ ඇති වීම නිසා සිදු විය හැක්‌කේ ඒ ආහාර සැපයුම අඩාළ වීමයි. සමස්‌තයක්‌ ලෙස දේශගුණ වෙනස්‌ වීම නිසා බ්‍රිතාන්‍යයට යම් යම් අවස්‌ථා සැලසී තිබුණ ද, ඉන් ඇති වන ගැටලු නිසා අදාළ වාසිවලට වඩා හානියක්‌ ඇති වීමට ඉඩක්‌ තිබේ. විශේෂයෙන් ආහාර අපනයනය පිළිබඳ සීමා පැණවීමෙන් ඒවායේ මිල ගණන් ඉහළ යැමක්‌ ඇති වී ගැටලු ඇති වීමට ඉඩ පවතී. (මූලාශ්‍රයInteසෘnational thසෘeats and oppoසෘtunities of climatechange foසෘ the UK, www.pwc.co.uk)

මේ අතර මෑත කාලයේ දී ඇති වූ සුළි කුණාටු වැනි ආන්තික තත්ත්වවල බලපෑම් නිසා දෝ ඇමෙරිකාවේ දේශගුණ ප්‍රතිපත්ති ද තරමක්‌ වෙනස්‌ වෙමින් ඇති බව පෙනේ. කිසියම් බලාපොරොත්තු තැබිය හැකි දේශගුණ ක්‍රියාකාරී සැලසුමක්‌ ඇතුළත් යෝජනා සමූහයක්‌ පසුගිය මාසයේ දී ඇමෙරිකානු ජනාධිපති බැරැක්‌ ඔබාමා විසින් ඉදිරිපත් කරන ලදි. ඇමෙරිකාවේ කාබන් විමෝචන ප්‍රමාණය අඩු කිරීමට හැකි ක්‍රියාමාර්ග ගණනාවක්‌ ඔහු දක්‌වා තිබේ. මේ අතර විදුලි බලාගාර සඳහා වූ කාබන් විමෝචන ප්‍රමිති, පුනර්ජනනය කළ හැකි විදුලි ජනනය ප්‍රවර්ධනය හා ගොඩනැ`ගිලිවල බලශක්‌ති කාර්යක්‌ෂමතාව වර්ධනය කිරීම වැනි කරුණු ගණනාවක්‌ ඇත. 2020 වර්ෂයේ දී එරටින් නිකුත් වන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය, 2005 වර්ෂයේ වායු විමෝචන ප්‍රමාණයෙන් 17%ක්‌ පමණ අඩු කිරීමට ඔබාමා දුන් පොරොන්දුව මේ කතාවේ දී යළිත් අලුත් කර ඇත.

මෙය ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙතෙක්‌ ඉදිරිපත් කළ වඩාත් ප්‍රබල හා දැඩි යෝජනාවලිය වේ. එසේ ම විරුද්ධ පක්‌ෂයට වැඩි බලයක්‌ ඇති කොංග්‍රස්‌ මණ්‌ඩලය මඟහැර, ඔහු ගේ විධායක බලය භාවිත කරමින්, විදුලි බලාගාරවල විමෝචන සම්බන්ධව පරිසර ආරක්‌ෂක අධිකාරියට නියෝග නිකුත් කිරීමට ඔබාමා සූදානම් වීම පරිසරය හා සම්බන්ධව වැදගත් ඉදිරි පියවරක්‌ බව පෙනේ. ලෝක දේශපාලන නායකත්වය පිළිබඳ ගැටලුව ද මේ තත්ත්වයට හේතුවක්‌ වූවා විය හැකි ය. ජගත් මට්‌ටමේ දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා නායකත්වය පිළිබඳ කරුණුවල දී ඇමෙරිකාවට වඩා යුරෝපය බොහෝ සේ ඉදිරියෙන් සිටීම ඇමෙරිකාවට දරාගැනීමට අසීරු කරුණකි. කෙසේ වෙතත් ඉහත දැක්‌වූ ඇමෙරිකානු ඉලක්‌ක යුරෝපා රටවල් පිළිගෙන ඇති ඉලක්‌ක තරම් ප්‍රබල බලපෑමක්‌ ඇති කළ හැකි ඒවා නො වේ. ඇමෙරිකාවේ නව ඉලක්‌ක මේ වතාවේ දී වත් ක්‍රියාත්මක වුව හොත් එය සමස්‌ත ලෝකයට ම වැදගත් ය. වසර ගණනාවක්‌ තිස්‌සේ මේ ගැටලුව අමතක කර සිටි රටක්‌ වූ ඇමෙරිකාව මේ තරමින් හෝ ඉදිරියට පැමිණ සිටීම ලෝකයට සතුටු විය හැකි කරුණකි. එහෙත් මේ යෝජනා ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක වේ ද යන්න කාලය විසින් තීරණය කෙරෙනු ඇත.

මේ අතර ඔස්‌ටේ්‍රලියාවේ අගමැතිවරයා මාරු වී යළිත් කෙවින් රඩ් අගමැති තනතුරට පත්වීම ද දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ එරට ක්‍රියාකාරිත්වයට නව පණක්‌ එක්‌ කළ හැකි බව පෙනේ. එරට හිටපු අගමැතිනිය මේ ගැන යම් උනන්දුවක්‌ දැක්‌වුව ද නව අගමැතිවරයා මේ ගැන වඩාත් උනන්දුවක්‌ දක්‌වන්නෙකි. වසර ගණනාවක්‌ කියෝටෝ සන්ධානයට එක්‌ නො වූ ඔස්‌ටේ්‍රලියාව ඊට සම්බන්ධ වූයේ මීට පෙර රඩ් අගමැති තනතුර දැරූ කාලයේ දී ය.

දියුණු වන රටවල ආදර්ශය

මේ අතර ලෝකයට අවශ්‍ය වෙනස පෙන්වා දීමට ඇතැම් දියුණු වන රටවල් ඉදිරියෙන් සිටින බවක්‌ ද පෙනේ. නිදසුනක්‌ ලෙස ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකයට මෙන්ම වැඩි ම හරිතාගාර වායු විමෝචන ප්‍රමාණයට වගකිව යුතු චීනය ගන්නා ක්‍රියාමාර්ග දැක්‌වීමට හැකි ය. වර්තමානයේ දී එරට ගල් අඟුරු මත යෑපුණ ද සුළඟ හා සූර්ය බලය භාවිත කිරීම සඳහා සිදු කරන ආයෝජන ප්‍රමාණය ලෝකයේ අන් කිසිදු රටකට වඩා අධික ය. එසේ ම වඩා පිරිසිදු නගර හා කාර්යක්‌ෂම ගොඩනැ`ගිලි තැනීම ප්‍රවර්ධනය සඳහා ද චීනය සැලකිය යුතු පියවරක්‌ ගෙන තිබේ. එසේ ම එරට පළමු විමෝචන අලෙවි යාන්ත්‍රණය දියත් කරන ලද්දේ මින් දෙසතියකට පමණ පෙර දී ය. තවත් දියුණු වන රටවල් කිහිපයක්‌ මෙවැනි මාර්ගයක ගමන් කරමින් සිටියි.

අප මින් ඉහත දී පෙන්වා දී ඇති ආකාරයට ම වර්තමාන දේශගුණ වෙනස්‌ වීම සඳහා වැඩි වශයෙන් වගකිවයුත්තේ දියුණු රටවල් ය. මේ ඓතිහාසික වගකීමෙන් ඔවුන්ට මඟහැර යා නොහැකි ය. එහෙත් වර්තමාන ලෝක ආර්ථික-දේශපාලන පසුබිම අනුව දියුණු වන රටවල දායකත්වය නොමැති දේශගුණ වෙනස්‌ වීම පාලනය සඳහා කිසිදු උත්සාහයක්‌ සඳහා ඇතැම් දියුණු රටවල සහයෝගයක්‌ ලැබෙනු ඇතැයි සිතීම අසීරු ය.

දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා ලෝකයට මඟපෙන්වීමට හැකි ආකාරයේ දේශපාලන නායකත්වයක්‌ අද වන විට අවශ්‍ය වී තිබේ. මේ පිළිබඳව අපි විටින් විට පෙන්වා දී ඇත්තෙමු. මේ පිළිබඳව ලෝකයා සාකච්ඡා කරමින් සිටින අතර කාලයේ දී ද මේ ගැටලුව ක්‍රමයෙන් වර්ධනය වේ. කඩිනමින් පියවර ගැනීම අවශ්‍ය ව ඇත්තේ මේ නිසා ය.

ධනේෂ් විසුම්පෙරුම - VIDUSARA NEWS PAPER
Source : http://www.vidusara.com/

Friday, May 10, 2013





ජෙලි ෆිෂ් ගහනය ඉහළ යන්නේ
අධික ලෙස මසුන් අල්ලන නිසා ද?


ජෙලිෆිෂ් හෙවත් ලො`ඩියන් ලෙස හඳුන්වන අපෘෂ්ඨවංශී ක්‌නිඩේරියා වංශයට අයත් ජීවීන් ගේ ගහන ඉහළ යැම ලෝකයේ විවිධ මුහුදු ප්‍රදේශවලින් වාර්තා වී ඇති සිදුවීමකි. මේ සඳහා බලපා ඇති හේතු මොනවා ද යන්න මේ තාක්‌ නිශ්චිත ව පැහැදිලි කර නොමැත. කෙසේ වෙතත්, පසුගිය දා වාර්තා වූ අධ්‍යයනයකට අනුව ලො`ඩියන් ගේ ඉහළ යැම සඳහා ප්‍රධාන හේතුව අධික ලෙස මසුන් ඇල්ලීම විය හැකි ය.

මෙහි දී දක්‌වා ඇති ආකාරයට ලො`ඩියන් ගොදුරු කරගන්නා ගන්නා විලෝපිකයන් අතර ටූනා හා කැස්‌බෑවුන් වැදගත් වේ. එසේ ම ලො`ඩියන් ගේ බිජු හා නො වැඩුණු අවස්‌ථා ආහාරයට ගන්නා කුඩා මසුන් ද අධික ලෙස ඇල්ලීම සිදු වනු දැකිය හැකි ය. මෙවැනි තත්ත්වයක්‌ තුළ, ලො`ඩියන්ට ඉතා යෝග්‍ය තත්ත්වයක්‌ ඇති වන නිසා ඔවුන් ගේ ගහනය වේගයෙන් ඉහළ යා හැකි ය.

මේ තත්ත්වය අප්‍රිකාවේ සාගර පරිසර පද්ධති දෙකක්‌ ආශ්‍රයෙන් තහවුරු කරගෙන තිබේ. අධික ලෙස මසුන් මැරීම සිදු වන පළමු පරිසර පද්ධතියේ ලො`ඩියන් ගේ ගහනය ඉහළ ගොස්‌ තිබේ. අනෙක්‌ පරිසර පද්ධතියේ මසුන් මැරීම පාලනය කර ඇති අතර ලො`ඩියන් ගේ ගහනය ද අඩු මට්‌ටමක පවතී. (මූලාශ්‍රයBulletin of Marine
Science, DOI: 10.5343/bms.2011.1145


උභයජීවීහු කෘමිනාශකවලට ප්‍රතිරෝධී වෙති

කෘෂිකාර්මික ප්‍රදේශවලට ආසන්න ව ජීවත් වන උභයජීවී ගහන සුලබව භාවිත වන කෘමිනාශකවලට ඔරොත්තු දීම අතින් ඉහළ මට්‌ටමක සිටින බව අධ්‍යයන දෙකකින් හෙළි වේ. උභයජීවීන්ට පරිසරයේ දැකිය හැකි රසායකික ද්‍රව්‍ය නිසා ඇති විය හැකි බලපෑම් කලක පටන් අධ්‍යයනයට ලක්‌ ව ඇති කරුණකි.

ඉන් එක්‌ අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ ගොවි බිම් ආසන්නයේ ජීවත් වන එක්‌ මැඩි විශේෂයක ඉස්‌ගෙඩියන්, ක්‌ලොර්පයිරිපොස්‌ නම් කෘෂි රසායනික ද්‍රව්‍යයට වඩා ඔරොත්තු දෙන බව ය. මෙය විවිධ වෙළෙඳ නාම යටතේ ලෝකයේ බෙහෙවින් සුලබ ලෙසින් භාවිත කරනු ලබන පළිබෝධනාශකයකි. (මූලාශ්‍රයEvolutionaryApplications, DOI: 10.1111/eva.12069)

පළිබෝධනාශක වර්ග තුනක්‌ යොදාගනිමින් සිදු කර ඇති අනෙක්‌ අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත්තේ කිසියම් එක්‌ පළිබෝධනාශකයකට ප්‍රතිරෝධීතාවක්‌ දක්‌වන ඉස්‌ගෙඩියන්, ඒ හා සමාන රසායනික ක්‍රියාකාරිත්වයක්‌ ඇති වෙනත් වෙනත් රසායනික ද්‍රව්‍යවලට ද වැඩි ප්‍රතිරෝධීතාවක්‌ දක්‌වන බව ය. මෙහි දී ක්‌ලෝර්පයිරිපොස්‌, කාබරිල් හා මැලතියන් පිළිබඳව අධ්‍යයනය කර තිබේ. (මූලාශ්‍රයEnvironmental Toxicology and Chemistry,DOI: 10.1002/etc.2121)

දිගු කලක්‌ තිස්‌සේ පරිසරයේ ඇති රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වන උභයජීවීන් ගේ පරිණාමීය වශයෙන් ද යම් යම් වර්ධනයක්‌ දැකිය හැකි බව පෙනේ. මේ රසායනික ද්‍රව්‍ය මිනිසුන් විසින් නිෂ්පාදනය කරනු ලබන රසායනික ද්‍රව්‍ය වීම මෙහි ඇති විශේෂත්වයයි.


මී මැස්‌සන්ට අහිතකර
රසායන ද්‍රව්‍ය පාලනය ගැන මතභේද


මී මැස්‌සන්ට විෂ සහිත වන රසායනික ද්‍රව්‍ය කිහිපයක්‌ පාලනය කිරීම සඳහා යුරෝපා කොමිසම විසින් ගෙන එන ලද යෝජනාවක්‌ සම්බන්ධව යුරෝපයේ රටවල් අතර බෙදීමක්‌ ඇති වී තිබේ. නියෝනිකොටිනොයිඩ කාණ්‌ඩයට අයත් මේ පළිබෝධනාශක භාවිතය පාලනය කිරීම සඳහා යුරෝපා සංගමය යෝජනා ගෙන එන්නේ පසුගිය ජනවාරි මාසයේ පටන් ය. එහෙත් මෙවර ද සම්පූර්ණ තහනමකට ප්‍රමාණවත් තරම් බහුතර රටවල් ගණනක සහයෝගයක්‌ යුරෝපා රටවලින් නො ලැබිණි.

මේ නිසා ඉදිරි වසර දෙකක කාලයක්‌ සඳහා මේ රසායන ද්‍රව්‍ය භාවිතයේ යම් සීමා කිරීමක්‌ පමණක්‌ ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්‌ෂිත ය. ඒ අනුව මී මැස්‌සන් හා වෙනත් පරාගණකාරකයන් ගේ ආකර්ෂණයට ලක්‌ නො වන භෝග සඳහා උක්‌ත රසායන ද්‍රව්‍ය භාවිත කිරීමට හැකි වනු ඇත.

උක්‌ත යෝජනාව සඳහා මින් පෙර වතාවට වඩා වැඩි සහයෝගයක්‌ මේ වතාවේ ලැබී තිබුණ ද, ඇතැම් රටවල් පූර්ණ තහනමකට එකඟ වී නොමැත. ඇතැම් විද්‍යාඥයන් හා අදාළ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගම් පවසන ආකාරයට මේ කරුණ සඳහා තවමත් ප්‍රමාණවත් සාධක නොමැත. ඔවුන් පවසන්නේ මී මැස්‌සන් ගේ ගහන අඩු වීම සඳහා බලපාන වෙනත් සාධක ද තිබිය හැකි බව ය. පරපෝෂිතයන් හා රෝග මෙවැනි සාධක අතර වේ. කෙසේ වෙතත් යුරෝපයේ ම ඇතැම් රටවල් අදාළ රසායනික ද්‍රව්‍ය සඳහා මේ වන විටත් යම් යම් සීමා ඇති කර තිබේ.

පසුගිය දා ඇමෙරිකානු රාජ්‍ය ආයතන දෙකක්‌ විසින් නිකුත් කර ඇති වාර්තාවක්‌ පෙන්වා දෙන ආකාරයට එරට මී මැසි ගහනවල ද කැපී පෙනෙන අඩු වීමක්‌ දැකගත හැකි ය. එය ද බහුවිධ හේතු නිසා බව අදාළ වාර්තාව පෙන්වා දී තිබේ.

ධනේෂ් විසුම්පෙරුම
Source: http://www.vidusara.com/2013/05/08/feature3.html

Wednesday, April 10, 2013

Enviromnetal Polootion.


ඇසුරුම් ද්‍රව්‍ය :
අමතක නො කළ හැකි පරිසර බලපෑම

අප භාවිත කරන බොහෝ දේ අපට ලැබෙන්නේ විවිධ ඇසුරුම් හෙවත් ආවරණවලින් ආවරණය කිරීමෙන් අනතුරු ව ය. ආහාර පාන, ඇඳුම් පැළඳුම් හා වෙනත් භාණ්‌ඩ රාශියක්‌ පාරිභෝගිකයා වෙත ලැබෙන්නේ මේ ආකාරයෙන් විවිධ ඇසුරුම්වලින් ආවරණය කිරීමෙන් අනතුරු ව ය. මේ ඇසුරුම් ද්‍රව්‍ය සඳහා කඩදාසි, කාඩ්බෝඩ්, වීදුරු, ප්ලාස්‌ටික්‌ හා විවිධ ලෝහමය ද්‍රව්‍ය වැනි දේ සුලබව යොදාගනු ලැබේ.

අප මිල දී ගන්නා බොහෝ ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කිහිපයකින් ආවරණය කර තිබේ. එහෙත් ඇතැම් ද්‍රව්‍යවල අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇසුරුම් යොදාගෙන ඇති බව සත්‍යයකි. එසේ ම ඇතැම් විට ඇසුරුම් යොදාගෙන ඇත්තේ හුදෙක්‌ අදාළ භාණ්‌ඩය ආවරණය කිරීම සඳහා නො ව අදාළ භාණ්‌ඩයට කිසියම් වෙළෙඳ ආකර්ෂණයක්‌ ලබා දීම සඳහා බව ද පෙනේ.

ඇසුරුම් ද්‍රව්‍ය අධික ලෙස පරිභෝජනය කිරීම මෑතක්‌ වන තුරු දියුණු රටවල දැකිය හැකි වූ අතර දැන් දැන් එය දියුණු වන රටවලට ද ව්‍යාප්ත වන ආකාරයක්‌ දැකගත හැකි ය. විශේෂයෙන් වේගවත් සංවර්ධනයක්‌ ඇති රටවල ජීවන රටාව වෙනස්‌ වීම හා සමඟ මේ තත්ත්වය වෙනස්‌ වෙමින් තිබේ.

ඇසුරුම්වල අවශ්‍යතාව

වර්තමාන පාරිභෝගික සමාජ රටාව තුළ මේ ඇසුරුම් ද්‍රව්‍යවල අවශ්‍යතාව නො සලකා හළ නොහැකි වේ. මේවා අප භාවිත කරන්නේ කරුණු කිහිපයක්‌ නිසා ය. බාහිර පරිසරයට විවෘත වීමෙන් ආහාර ද්‍රව්‍ය නරක්‌ නො වී තබාගැනීම සඳහා සෞඛ්‍යාරක්‌ෂිත ලෙසින් ආවරණය කිරීම කළ යුතු වේ. ඉන් ආහාර නරක්‌ වීම වැළැක්‌වීම හා ජීව කාලය වැඩි කරගත හැකි ය. මේ නිසා ආහාර ද්‍රව්‍ය ආවරණයේ දී අධික තුනී ඇසුරුම් ද්‍රව්‍ය යොදාගැනීම අසීරු කරුණකි. අප යොදාගන්නා ඇසුරුම් ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක්‌ ආහාර ද්‍රව්‍ය ආවරණය කිරීමට යොදාගන්නා ද්‍රව්‍ය වේ.

ඖෂධ හා වෛද්‍ය උපකරණ මනාව ආවරණය කර තැබීම අවශ්‍ය ද්‍රව්‍ය අතර වේ. ඒ ඒවායේ ගුණාත්මක බව රැකගැනීමට හා විෂබීජවලින් ආරක්‌ෂා කර ගැනීම සඳහා ය.

එමෙන් ම බොහෝ ද්‍රව්‍ය මනාව ප්‍රවාහනය සඳහා සහ ප්‍රවාහනයේ දී හානි හා නාස්‌තියක්‌ සිදුවීම වැළැක්‌වීම සඳහා යෝග්‍ය ඇසුරුම් යොදාගැනීම අවශ්‍ය වේ. නිදසුනක්‌ ලෙස ප්ලාස්‌ටික්‌ කූඩ භාවිතය ම`ගින් එළවළු හා පලතුරු නරක්‌ වී අපතේ යැම වළක්‌වාගැනීම දැක්‌විය හැකි ය. විදුලි උපකරණ වැනි ඇතැම් භාණ්‌ඩ ඇසිරීමේ දී විශාල ලෙස ඇසුරුම් ද්‍රව්‍ය යොදාගන්නා ආකාරයක්‌ දැකිය හැකි ය.

සබුද්ධික භාවිතයක අවශ්‍යතාව

කෙසේ වෙතත් මේ ඇසුරුම් ද්‍රව්‍ය යනු ද අපේ සම්පත් සීමාසහිත ලෝකයෙන් ලබාගන්නා ද්‍රව්‍යවලින් නිපදවනු ලබන දේ වෙයි. කඩදාසි හා කාඩ්බෝඩ් නිපදවීම සඳහා ගස්‌ කැපීමට සිදු වේ. වීදුරු නිපදවනු ලබන්නේ සිලිකා වැලිවලිනි. ලෝහමය ඇසුරම් සඳහා ලෝහ ලබාගැනීමට ද සිදු වේ. මේ සියල්ල සම්පත් වන අතර අදාළ ඇසුරුම් නිපදවීමේ දී ශක්‌තිය ද වැය වේ.

අනෙක්‌ අතට මේ ඇසුරුම් ද්‍රව්‍ය ඉවත ලන විට ද යම් පරිසර දූෂණයක්‌ ඇති විය හැකි ය. අප සැලකිලිමත් නො වුව හොත්, එසේ නො වන විට අප භාවිත කරන ද්‍රව්‍ය සමඟ ලැබෙන අසුරන අපද්‍රව්‍ය ප්‍රවාහයට එක්‌ වේ. ලෝකයේ නාගරික ප්‍රදේශවල ජනනය වන අපද්‍රව්‍ය අතරින් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක්‌ ඇසුරුම් ද්‍රව්‍ය වේ.

මේ කරුණු නිසා ඇසුරුම් පිළිබඳව අප ම`දක්‌ විමසීම වැදගත් බව පෙනේ. නිදසුනක්‌ ලෙස ඇතැම් භාණ්‌ඩ සඳහා අනවශ්‍ය ලෙස ඇසුරුම් යොදාගන්නා බව දැකගත හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, තෑගි දීම සඳහා සකස්‌ කර ඇති විස්‌කෝතු පෙට්‌ටිවල ඇසුරුම් හතරක්‌ පමණ තිබේ. ඒ ප්ලාස්‌ටික්‌ රඳවනයක්‌, පොලිතීන් ආවරණයක්‌, කඩදාසි පෙට්‌ටියක්‌ හා යළිත් පිටතින් ම ඇති පොලිතීන් ආවරණය යනුවෙනි. එහෙත් සාමාන්‍ය විස්‌කෝතු පැකැට්‌ටුවක පෙට්‌ටියක ඇත්තේ එක්‌ ඇසුරමක්‌ හෝ දෙකක්‌ පමණි. කිරිපිටි පැකට්‌ වෙනුවට භාවිත වන කිරිපිටි පෙට්‌ටිවල ද මෙවැනි අතිරේක ඇසුරුම් දැකිය හැකි ය.

අනෙක්‌ අතට ඇතැම් පරිසරයට අහිතකර ඇසුරුම් භාවිතය මෑත කාලයේ දී වර්ධනය වී ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත්, මෑත අතීතයේ දී වීදුරු බෝතල්වල පමණක්‌ තිබූ සිසිල් බීම වර්ග රැසක්‌ දැන් ප්ලාස්‌ටික්‌ බීම බෝතල් ලෙස වෙළෙඳපොළට පැමිණ තිබේ. මුලින් විශාල ප්‍රමාණයේ බෝතල්වලට පමණක්‌ සීමා වූ මෙය දැන් දැන් කුඩා ප්‍රමාණයේ සිසිල් බීම බෝතල් දක්‌වා පැමිණ තිබේ. වීදුරු බෝතල් නැවතත් භාවිතයට ගැනුණු නමුත් මේ ප්ලාස්‌ටික්‌ බෝතල් අතරින් වැඩි ප්‍රමාණයක්‌ අපද්‍රව්‍ය ලෙස පරිසරයට එක්‌ වේ.

මෙවැනි තත්ත්වයක්‌ හමුවේ අප භාවිත කරන ඇසුරුම්වල පරිසර බලපෑම අඩු කිරීමට ගත හැකි පියවර කිහිපයක්‌ මෙසේ ය.

අප කළ යුතු දේ :

* අප භාවිතයට ගන්නා ද්‍රව්‍ය ආවරණය කර ඇති ඇසුරුම් ප්‍රමාණය පිළිබඳව විමසිලිමත් වීම වැදගත් ය. ඇසුරුම් ප්‍රමාණය මෙන්ම ඒවායේ බර අඩු වීම ද වැදගත් ය.

* අවශ්‍ය ප්‍රමාණයට පමණක්‌ ඇසුරුම් යොදාගෙන ඇති භාණ්‌ඩ තෝරාගැනීමෙන් ඒවාට වෙළෙඳපොළේ වැඩි ඉල්ලුමක්‌ ලැබෙනු ඇත.

* අධික ලෙස ඇසුරුම් ද්‍රව්‍ය යොදාගෙන ඇති නිෂ්පාදන පිළිබඳව අදාළ නිෂ්පාදකයන් දැනුම්වත් කිරීම. එය සම්පත් නාස්‌තිය වළක්‌වා ගැනීමට උපකාරී වේ.

* එක්‌ වරක්‌ භාවිත කිරීමෙන් පසු ඉවත ලන ආවරණ හා බඳුන් වෙනුවට නැවත නැවත භාවිත කිරීමට හැකි ද්‍රව්‍ය සඳහා මුල්තැනක්‌ දීම. උදා ( ප්ලාස්‌ටික්‌ බීම බෝතල් වෙනුවට වීදුරු බීම බෝතල් තෝරාගැනීම හා ප්ලාස්‌ටික්‌ ජල බෝතල් වෙනුවට ඔබේ ම ජල බෝතලයක්‌ භාවිත කිරීම.

* නිවසට රැගෙන ආ ඇසුරුම් වෙනත් ඵලදායී කාර්යයක්‌ සඳහා යොදාගැනීම. උදා( කඩදාසි, පෙට්‌ටි, ටින්, බෝතල්.

* නැවත භාවිත කළ නොහැකි ඇසුරුම් එකතු කර ප්‍රතිචක්‍රිකරණය කිරීම සඳහා යොමු කිරීම. උදා ( කාඩ්බෝඩ්, කඩදාසි, පොලිතීන්, වීදුරු හා ඇලුමිනියම් වැනි ලෝහමය දේ.

* පරිසර හිතකාමී ඇසුරුම් ද්‍රව්‍ය යොදාගෙන ඇති නිෂ්පාදන සම්බන්ධව ප්‍රමුඛතාවක්‌ ලබා දීම. උදා ( ජෛව හායනයට ලක්‌ වන ප්ලාස්‌ටික්‌.

* අප මිල දී ගත් ද්‍රව්‍යවල ඇති ඇසුරුම් ඉවත ලෑමේ දී පරිසරය පිළිබඳව අවධානය යොමු කිරීම.

* කුඩා ප්‍රමාණවලින් වරින් වර භාණ්‌ඩ මිල දී ගැනීමේ දී වැඩි ඇසුරුම් ප්‍රමාණයක්‌ අවශ්‍ය වේ. හැකි සැම විට ම, එක්‌ වරක්‌ අවශ්‍යතාව අනුව වැඩි ප්‍රමාණයක්‌ මිල දී ගැනීමෙන් ඔබ භාවිත කරන ඇසුරුම් ප්‍රමාණය අඩු වේ. කුඩා ප්‍රමාණයේ පැකට්‌ටු මිල දී ගැනීමෙන් වැළකීම යෝග්‍ය ය.

* මේ පණිවිඩය පිළිබඳව අන් අය දැනුවත් කිරීම.

ධනේෂ් විසුම්පෙරුම
ඔබේ අදහස්‌ dhaneshw@ymail.com
   
Source : http://www.vidusara.com/2013/04/03/feature3.html

Thursday, March 21, 2013

Providing exercise books for the helpless children
The program was held in the town hall on 16th of March 2013 in Mannar

 

Objectives of the program-

1.     Support to develop educational situation of the selected 50 children who are in the women headed families, as well as the displaced families which are facing economic difficulties in ten villages where National Fisheries Solidarity Movement works in Mannar district.

2.     To be concerned about the difficulties the children face specially the transportation problems to the responsible government officials on their schooling because of finding any solution for those issues.


Some religion, communal and government officials participated to the program. 






Providing  resources for school children 

A ceremony was organized to provide instruments for school children who are living in selected six welfare camps as displaced people due to the war since 1990 on 3 th of March 2013 at the agrarian school in Maradanamadam, Jaffna.   
This ceremony was organized by the  Jaffna district fisher organization being leaded National Fisheries Solidarity Movement.




More than 600 children  as well as about 30 parents participated to the ceremony representing six camps such as Needavan, Sabapathi, Konatkulam, Pilleyar, kannagi and Selvepuram-.  Miss. Julias who is the chair person of the “ Punkalar” organization of women headed families played the main role of the ceremony.  Prof. V.P. Sivanadan in Jaffna university participated as the chief guest and Prof. Susei Anandan   ( geography section in the university of Jaffna) Hon. Father Jayakumar( former director of SEDEK ) Mr. S. Sukirthan( president of the local government in Tellippali, Walikamam North) Mr. T. Prakash( president of local government in Walikamam South) Mr. Siril Anthony Kusin  ( President of society of displaced people) Miss. S. Sahila ( President of “ Tharaka” society of women headed families) also participated to the ceremony.

Miss. Lavina Hasanthi who is the women coordinator of National fisheries Solidarity Movement explained the objectives of the program. According to her, support to develop the educational situation of the children of women headed families which are living in the six  welfare camps as well as three villages facing many economical difficulties  providing school instruments for them and the issues of the people who are living in the camps since 1990 are to be concerned for the government officials for resettling them were the mains objectives of the program.

Expressing the invitees, they said that the people who are living yet in the camps should be resettled soon. People are facing many difficulties. They have to move even  form the welfare camps because land owners have requested the people to release their land because welfare camps have been built in the privet properties. So, people are going to displace again.

Two children who participated to the program shared their experience as refuges in the camps explaining their existing situation of their life.  Finlay, school instruments provided to the children.   There was considerable media coverage for the ceremony.