<<<<<<<<<<<<<<<<<<<<<<<<<LET US BUILD THE YOUTH MOVEMENT FOR BETTER SOCIETY>>>>>>>>>>>>>>>>>>>>>>>>>

Thursday, November 22, 2012

වෛද්‍ය පර්යේෂණ සදාචාර
විශ්ලේෂණ කමිටු සමුළුව 18 දා


ආසියා හා ශාන්තිකර කලාපයේ වෛද්‍ය පර්යේෂණ පිළිබඳ සදාචාර විශ්ලේශණ කම්ටුවේ (FERCAP) 12 වැනි ජාත්‍යන්තර සමුළුව නොවැම්බර් 18 වැනිදා සිට 21 වන දින දක්‌වා බත්තරමුල්ල වෝටර්ස්‌ එඡ්හි දී පැවැත්වේ.

වෛද්‍ය විද්‍යාවේ, පර්යේෂණයන්ට අදාළ සාදාචාර විශ්ලේශණ කමිටු සම්මේලනයක්‌ සංවර්ධනය වන රටක්‌ ලෙස මෙරට තුළ පැවැත්වීම මෙවැනි යුගයක දී අතිශයින් වැදගත් සිද්ධියකි. වෛද්‍ය පර්යේෂණ ක්‌ෂේත්‍රයට සම්බන්ධ කරගන්නා රෝගීන් ගේ අයිතීන් හා ආරක්‌ෂාව තහවුරු කිරීම අතිශයින් ම අවශ්‍ය ක්‍රියාදාමයකි. එය පර්යේෂණයක සාර්ථකත්වයට ද යම් ආකාරයකින් බලපෑම් ඇති කරයි. රෝගීන්ට මේ පර්යේෂණවල දී සෞඛ්‍ය වශයෙන් ගැටලු ඇති වනවා ද එසේ නැතිනම් ඔවුන් ගේ පුද්ගලිකත්වයට ගැටලු ඇති වනවා ද මෙන්ම මේ අධ්‍යයනයට සාධාරණව නිවැරැදිව සිදු වනවා ද වැනි කරුණු මේ යටතේ විමසා බැලෙයි. මේ සමුළුවට නියෝජිතයන් 400ක්‌ පමණ සහභාගි වන අතර වෛද්‍ය පර්යේෂණවලට දායක වන රෝගීන් ගේ ආරක්‌ෂාව තහවුරු කළ හැක්‌කේ හා කළ යුත්තේ කෙසේ ද යන්න සාකච්ඡාවට බඳුන් වනු ඇත. මේ නියෝජිතයෝ ආසියා ශාන්තිකර කලාපයේ ප්‍රමුඛතම වෛද්‍ය විද්‍යාල හා රෝහල් 104ක්‌ නියෝජනය කරති. මේ ජාත්‍යන්තර සමුළුව සංවිධානය කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලය, ජාතික විද්‍යා පදනම හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයයි. 

Source: http://www.vidusara.com/

Monday, November 12, 2012