<<<<<<<<<<<<<<<<<<<<<<<<<LET US BUILD THE YOUTH MOVEMENT FOR BETTER SOCIETY>>>>>>>>>>>>>>>>>>>>>>>>>

Tuesday, January 7, 2014

Effect of Sri Lanka High way Road

 වන පෙත් දෙබෑකර  මහාමාර්ග තැනීමේ  ආදීනව මෙන්න

 
වර්තමාන රජය යටතේ සංවර්ධන ඉලක් පසුපස හඹා යමින් සිටින ශ්රී ලංකාවේ මහාමාර්ග පද්ධතිය පසුගිය කෙටි කාලසීමාව පුරාවට සීඝ් ලෙස ව්යාප්ත වූ බව රහසක්නොවේ. නමුත් ආකාර මාර්ග සංවර්ධන ව්යාපෘතිවලදී මෙරට වනාන්තර කුට්ටිකරණය වීමෙන් තුළ වෙසෙන වනජීවීන්ට අත්වන දනීය ඉරණම ගැන බලධාරීන් අවධානය යොමු කළාද යන්න ගැටලු සහගතය. බලධාරීන් තබා මෙරට සිටින බොහෝ වනජීවී විද්වතුන්ගේ පවා ඇස වෙත යොමු වී ඇත්තේ අවම වශයෙන් බව අපගේ වැටහීමයි. නොඑසේ නම් එමගින් මෙරට ජෛව විවිධත්වය වැනසී යැමට තීරණාත්මක බලපෑමක්එල්ල වනවාද යන්න පිළිගැනීමට ඔවුන් කැමැතිද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් ශ්රී ලාංකීය පර්යේෂකයන් පිරිසක්විසින් මෙරට නැගෙනහිර පළාතට අයත් නිල්ගල වන රක්ෂිතය ආශ්රිතව සිදුකරන ලද අධ්යයනයකින් මේ ආකාර වනපෙත් දෙබෑ කර මහාමාර්ග තැනීමේ බරපතළ ආදීනව විද්යාත්මකව හෙළිදරව් කර තිබේ. සමීර සුරන්ජන් කරුණාරත්න, සුජාන් හීන්කනත්තේගෙදර, කසුන් අමරසිංහ සහ ඇන්ස්ලම් සිල්වා යන පර්යේෂකයන් විසිනි. මේ පිළිබඳ පර්යේෂණ පත්රිකාව ප්රකට විද්යා සඟරාවක්වන ARධඊAභෂCA ජර්නලයේ දෙසැම්බර් කලාපයේ පළකර තිබිණි.


ඕනෑම ආකාරයක මාර්ග ඉදිකිරීම් හේතුවෙන් සත්ත්ව සහ ශාක විශේෂවල පුළුල් පරාසයක පැතිරුණු පරිසර විද්යාත්මක බලපෑම් රැසකට මුහුණදීමට සිදුවෙයි. වනජීවීන්ගේ චර්යාත්මක වෙනස්කම් ඇතිවීම, භෞතික හා රසායනික පරිසරයේ වෙනස්කම් ඇතිවීම, ආගන්තුක ආක්රමණශීලී සත්ත්ව හා ශාක විශේෂ ව්යාප්තවීම, මිනිස්පරිභෝජනය සඳහා වැඩි වැඩියෙන් වනජීවී වාසස්ථාන යොදාගැනීමට පෙළඹවීම, රථවාහනවල ගැටීමෙන් වනජීවීන් ආබාධවලට ලක්වීම හෝ මරණයට පත්වීම අතර වෙයි. මාර්ග පද්ධතීන් පුළුල් කිරීම හේතුවෙන් ලොව පුරා රටවල වනජීවීන්ට සිදුවී ඇති බලපෑම් පිළිබඳව සවිස්තර විද්යාත්මක අනාවරණයක්සිදුකරන ලද රටවල් අතර ඉන්දියාව ප්රමුඛ වෙයි.

ශ්රී ලංකාවේ පිහිටා ඇති ඉතා වැදගත් වනාන්තර කලාපයක්වන නිල්ගල සවානා වනාන්තර භූමිය හරහා ඇදී යන බිබිල - අම්පාර ප්රධාන මාර්ගයේ පිටකුඹුර ආශ්රිත ප්රදේශයේ කිලෝමීටර් තුනක පමණ දුරක සිදුකළ මෙම පරීක්ෂණය අනුව මෙරට වනාන්තර හරහා ඉදිකෙරෙන මාර්ගවලින් එල්ලවන බරපතළ විනාශයන් පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ. 2004 ජනවාරි සිට 2005 දෙසැම්බර් අතර සිදුකරන ලද මෙම සමීක්ෂණයේදී දින 48 ක්ඇතුළත රිය අනතුරුවලට ලක්වී මරණයට පත් වූ උරගයන් හා උභය ජීවීන් 552 කගේ සිරුරු අනාවරණය කරගනු ලැබිණි. අතර විශේෂ 72 කි. එයින් උරග විශේෂ 53 ක්හා උභයජීවී විශේෂ 10 ක්වාර්තා විය. අතරින් විශේෂ 19 (26.3%) ක්ශ්රී ලංකාවට ආවේණිකය. විශේෂ 22 ක්‌ (30.5%) ජාතික වශයෙන් තර්ජනයට ලක්වූ වනජීවී විශේෂයන්ය. මෙම මරණයට පත් වූ වනජීවීන් අතරින් 23.6% ක්චතුරපාදික උරගයන්, 40.2% ක්සර්පයන් හා 36.2% ක්උභය ජීවීන් වෙයි.

නිල්ගල වන රක්ෂිතය ආශ්රිතව උරගයන් විශේෂ 92 ක්වාර්තා වන අතර එය ශ්රී ලංකාවේ මුළු උරගයන් විශේෂ සංඛ්යාවෙන් 33.45% කි. අතරින් විශේෂ 72 ක් රිය අනතුරුවලට ලක් මරණයට පත්වී තිබීම මෙම ගැටලුවේ ඇති බරපතළකම මොනවට කියා පායි. තවද මෙම වනාන්තර කලාපයේ දිවිගෙවන බව තහවුරු කරගෙන ඇති උභයජීවී විශේෂ 22 අතරින් 19 ක් රිය අනතුරුවලට ගොදුරුව අකාලයේ මරණයට පත්වූ වනජීවීන් අතර වෙති.

පර්යේෂකයන් දෙන්නේ අතිශය ජෛව විවිධත්වයක්සහිත ප්රදේශවල මෙවැනි රිය අනතුරුවලින් බරපතළ බලපෑම් එල්ල වන බවය. ශ්රී ලංකාව තුළ මින් පෙර සිදුකරන ලද මෙවැනිම අධ්යයනයකට අනුව නිල්ගල වන රක්ෂිතය තුළ දින 36 කදී අනාවරණය වී තිබුණේ එක්උභයජීවී විශේෂයක හා උරග විශේෂ හයක්මරණ පමණි. නමුත් මෙම නවතම අධ්යයනය පෙර අධ්යයනය හා සස¹ බැලීමෙන් මෙම අනතුර කැපී පෙනෙන ලෙස ඉහළ ගොස්ඇති බව විද්යමාන වෙයි. විශේෂයෙන් වාරතාවකින් පසුව උභය ජීවීන් මාර්ගය වෙත පැමිණ කෘමි සතුන0a ආහාරයට ගැනීම ලිංගික කෘත්යයන්ගේ යෙදීමට වැඩි නැඹුරුවක්‌a දක්වති. එවැනි දිනවල රිය අනතුරුවලට ලක් උභය ජීවීන් මරණයට පත්වීම ඉහළ යයි. තවද ඇතැම් උරගයන් මාර්ගය දෙපස ඇති බුරුල් පසෙහි බිජුලෑමට නැඹුරුවීම වැනි චර්යාත්මක විපර්යාසයන් ඇතිකරගෙන ඇත.

සංවර්ධන ක්රියාකාරකම් ව්යාප්ත වීමත් සමඟ රටක මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීම අත්යාවශ් වේ. නමුත් එහිදී එරට ජෛව විවිධත්වය වැනසී යයි නම් එය බරපතළ දවාචකයකි. මාර්ග පද්ධති වැඩි දියුnu වීමෙන් සෑම පරිසර පද්ධතියකටම එකම ආකාරයෙන් හා එකම ප්රමාණයෙන් බලපෑම් එල්ල නොවේ. නමුත් මෙසේ වනජීවී වාසස්ථාන කැබලිකරණය වීමෙන් විශේෂ සංයුතියේ සහ ගහණ ඝනත්වයේ වෙනස්කම් ඇතිවීමෙන් වනජීවී විශේෂ වඳවී යැමට ඇති නැඹුරුව වැඩි වේ. එබැවින් වන පෙත් දෙබෑකර මාර්ග තැනීමේදී මින් ඉදිරියට හෝ යම්කිසි උනන්දුවක්දැක්වීම බලධාරීන්ගේ හා ප්රතිපත්ති සම්පාදකයන්ගේ වගකීම බව සිහිපත් කළ යුතුය.

සටහන - සුපුන් ළහිරු ප්රකාශ්
ඡායාරූප - සමීර සුරන්ජන් කරුණාරත්න

Source by : Divaina :- http://www.divaina.com/2014/01/07/feature04.html