<<<<<<<<<<<<<<<<<<<<<<<<<LET US BUILD THE YOUTH MOVEMENT FOR BETTER SOCIETY>>>>>>>>>>>>>>>>>>>>>>>>>

Wednesday, December 6, 2017

කඩොලාන සංරක්‍ෂණය පිළිබඳ එක්දින වැඩමුළුව



ගාල්ල රත්ගම කලපුවේ කඩොලාන සංරක්‍ෂණය සඳහා රත්ගම කළපුව ආශ‍්‍රීත තරුණ හා වැඩිහිිටියන් සඳහා දැනුව කිරීමේ වැඩසටහනක්, ගාල්ලේ දකුණේ ධීවර සංවිධානය විසින් පැවැත් වූ අතර, එම වැඩසටහන සඳහා 35 දෙනෙකු සහභාගි විය. එහි දී ඩුලිප් රංගජීව මහතා විසින් පරිසරයේ ඇති වැදගත්කම හා කාඩොලාන වර්ග හඳුනා දුන් අතර කඩොලාන වල වැදගත් කමද පැහැදිලි කරන ලදී.  ඉන් අනතුරුව ප‍්‍රදීප් ලක්සිරි මහතා විසින්, කඩොලාන පරිසරයට එල්ල වී ඇති තර්ජන හා විනාහයන් මෙන්ම ඒ හේතුවෙන් මේ වන විට ධීවරයින් අත්විඳින අහිතකර ප‍්‍රතිඵල පිළිබඳවත්, මෙම පරිසර පද්ධතිය ආරක්‍ෂා කරගැනීමට පුරවැසියන් ලෙස පෙරමුණගෙන කටයුතු කිරීමේ වැදගත්කම, මීගමු කලපුව අශ‍්‍රයෙන් දැනුවත් කළ අතර, හවස තැරණ තරුණියන් සමග රත්ගම කලපුවේ සුන්දරත්වය දැක ගැනීමටත්, කඩොලාන් හඳුනා ගැනීමටත් අධ්‍යන චාරිකාවක් සඳහා සහභාගි කරගන්නා ලදී.