ඇසුරුම් ද්‍රව්‍ය : අමතක නො කළ හැකි පරිසර බලපෑම අප භාවිත කරන බොහෝ දේ අපට ලැබෙන්නේ විවිධ ඇසුරුම් හෙවත් ආවරණවලින් ආවරණය කිරීමෙන් අනතුරු ව ය. ආහාර පාන, ඇඳුම් පැළඳුම් හා වෙනත් භාණ්‌ඩ රාශියක් පාරිභෝගිකයා වෙත ලැබෙන්නේ මේ ආකාරයෙන් විවිධ ඇසුරුම්වලින් ආවරණය කිරීමෙන් අනතුරු ව ය. මේ ඇසුරුම් ද්‍රව්‍ය සඳහා කඩදාසි, කාඩ්බෝඩ්, වීදුරු, ප්ලාස්‌ටික් හා විවිධ ලෝහමය ද්‍රව්‍ය වැනි දේ සුලබව යොදාගනු ලැබේ. අප මිල දී ගන්නා බොහෝ ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කිහිපයකින් ආවරණය කර තිබේ. එහෙත් ඇතැම් ද්‍රව්‍යවල අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇසුරුම් යොදාගෙන ඇති බව සත්‍යයකි. එසේ ම ඇතැම් විට ඇසුරුම් යොදාගෙන ඇත්තේ හුදෙක් අදාළ භාණ්‌ඩය ආවරණය කිරීම සඳහා නො ව අදාළ භාණ්‌ඩයට කිසියම් වෙළෙඳ ආකර්ෂණයක් ලබා දීම සඳහා බව ද පෙනේ. ඇසුරුම් ද්‍රව්‍ය අධික ලෙස පරිභෝජනය කිරීම මෑතක් වන තුරු දියුණු රටවල දැකිය හැකි වූ අතර දැන් දැන් එය දියුණු වන රටවලට ද ව්‍යාප්ත වන ආකාරයක් දැකගත හැකි ය. විශේෂයෙන් වේගවත් සංවර්ධනයක් ඇති රටවල ජීවන රටාව වෙනස් වීම හා සමඟ මේ තත්ත්වය වෙනස් වෙමින් තිබේ. ඇසුරුම්වල අවශ්‍යතාව වර්තමාන පාරිභෝගික සමාජ රටාව තුළ මේ ඇසුරුම් ද්‍රව්‍යවල අවශ්‍යතාව නො සලකා හළ නොහැකි වේ. මේවා අප භාවිත කරන්නේ කරුණු කිහිපයක් නිසා ය. බාහිර පරිසරයට විවෘත වීමෙන් ආහාර ද්‍රව්‍ය නරක් නො වී තබාගැනීම සඳහා සෞඛ්‍යාරක්‌ෂිත ලෙසින් ආවරණය කිරීම කළ යුතු වේ. ඉන් ආහාර නරක් වීම වැළැක්‌වීම හා ජීව කාලය වැඩි කරගත හැකි ය. මේ නිසා ආහාර ද්‍රව්‍ය ආවරණයේ දී අධික තුනී ඇසුරුම් ද්‍රව්‍ය යොදාගැනීම අසීරු කරුණකි. අප යොදාගන්නා ඇසුරුම් ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් ආහාර ද්‍රව්‍ය ආවරණය කිරීමට යොදාගන්නා ද්‍රව්‍ය වේ. ඖෂධ හා වෛද්‍ය උපකරණ මනාව ආවරණය කර තැබීම අවශ්‍ය ද්‍රව්‍ය අතර වේ. ඒ ඒවායේ ගුණාත්මක බව රැකගැනීමට හා විෂබීජවලින් ආරක්‌ෂා කර ගැනීම සඳහා ය. එමෙන් ම බොහෝ ද්‍රව්‍ය මනාව ප්‍රවාහනය සඳහා සහ ප්‍රවාහනයේ දී හානි හා නාස්‌තියක් සිදුවීම වැළැක්‌වීම සඳහා යෝග්‍ය ඇසුරුම් යොදාගැනීම අවශ්‍ය වේ. නිදසුනක් ලෙස ප්ලාස්‌ටික් කූඩ භාවිතය ම`ගින් එළවළු හා පලතුරු නරක් වී අපතේ යැම වළක්‌වාගැනීම දැක්‌විය හැකි ය. විදුලි උපකරණ වැනි ඇතැම් භාණ්‌ඩ ඇසිරීමේ දී විශාල ලෙස ඇසුරුම් ද්‍රව්‍ය යොදාගන්නා ආකාරයක් දැකිය හැකි ය. සබුද්ධික භාවිතයක අවශ්‍යතාව කෙසේ වෙතත් මේ ඇසුරුම් ද්‍රව්‍ය යනු ද අපේ සම්පත් සීමාසහිත ලෝකයෙන් ලබාගන්නා ද්‍රව්‍යවලින් නිපදවනු ලබන දේ වෙයි. කඩදාසි හා කාඩ්බෝඩ් නිපදවීම සඳහා ගස් කැපීමට සිදු වේ. වීදුරු නිපදවනු ලබන්නේ සිලිකා වැලිවලිනි. ලෝහමය ඇසුරම් සඳහා ලෝහ ලබාගැනීමට ද සිදු වේ. මේ සියල්ල සම්පත් වන අතර අදාළ ඇසුරුම් නිපදවීමේ දී ශක්‌තිය ද වැය වේ. අනෙක් අතට මේ ඇසුරුම් ද්‍රව්‍ය ඉවත ලන විට ද යම් පරිසර දූෂණයක් ඇති විය හැකි ය. අප සැලකිලිමත් නො වුව හොත්, එසේ නො වන විට අප භාවිත කරන ද්‍රව්‍ය සමඟ ලැබෙන අසුරන අපද්‍රව්‍ය ප්‍රවාහයට එක් වේ. ලෝකයේ නාගරික ප්‍රදේශවල ජනනය වන අපද්‍රව්‍ය අතරින් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ඇසුරුම් ද්‍රව්‍ය වේ. මේ කරුණු නිසා ඇසුරුම් පිළිබඳව අප ම`දක් විමසීම වැදගත් බව පෙනේ. නිදසුනක් ලෙස ඇතැම් භාණ්‌ඩ සඳහා අනවශ්‍ය ලෙස ඇසුරුම් යොදාගන්නා බව දැකගත හැකි ය. නිදසුනක් ලෙස ගත හොත්, තෑගි දීම සඳහා සකස් කර ඇති විස්‌කෝතු පෙට්‌ටිවල ඇසුරුම් හතරක් පමණ තිබේ. ඒ ප්ලාස්‌ටික් රඳවනයක්, පොලිතීන් ආවරණයක්, කඩදාසි පෙට්‌ටියක් හා යළිත් පිටතින් ම ඇති පොලිතීන් ආවරණය යනුවෙනි. එහෙත් සාමාන්‍ය විස්‌කෝතු පැකැට්‌ටුවක පෙට්‌ටියක ඇත්තේ එක් ඇසුරමක් හෝ දෙකක් පමණි. කිරිපිටි පැකට් වෙනුවට භාවිත වන කිරිපිටි පෙට්‌ටිවල ද මෙවැනි අතිරේක ඇසුරුම් දැකිය හැකි ය. අනෙක් අතට ඇතැම් පරිසරයට අහිතකර ඇසුරුම් භාවිතය මෑත කාලයේ දී වර්ධනය වී ඇත. නිදසුනක් ලෙස ගත හොත්, මෑත අතීතයේ දී වීදුරු බෝතල්වල පමණක් තිබූ සිසිල් බීම වර්ග රැසක් දැන් ප්ලාස්‌ටික් බීම බෝතල් ලෙස වෙළෙඳපොළට පැමිණ තිබේ. මුලින් විශාල ප්‍රමාණයේ බෝතල්වලට පමණක් සීමා වූ මෙය දැන් දැන් කුඩා ප්‍රමාණයේ සිසිල් බීම බෝතල් දක්‌වා පැමිණ තිබේ. වීදුරු බෝතල් නැවතත් භාවිතයට ගැනුණු නමුත් මේ ප්ලාස්‌ටික් බෝතල් අතරින් වැඩි ප්‍රමාණයක් අපද්‍රව්‍ය ලෙස පරිසරයට එක් වේ. මෙවැනි තත්ත්වයක් හමුවේ අප භාවිත කරන ඇසුරුම්වල පරිසර බලපෑම අඩු කිරීමට ගත හැකි පියවර කිහිපයක් මෙසේ ය. අප කළ යුතු දේ : * අප භාවිතයට ගන්නා ද්‍රව්‍ය ආවරණය කර ඇති ඇසුරුම් ප්‍රමාණය පිළිබඳව විමසිලිමත් වීම වැදගත් ය. ඇසුරුම් ප්‍රමාණය මෙන්ම ඒවායේ බර අඩු වීම ද වැදගත් ය. * අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඇසුරුම් යොදාගෙන ඇති භාණ්‌ඩ තෝරාගැනීමෙන් ඒවාට වෙළෙඳපොළේ වැඩි ඉල්ලුමක් ලැබෙනු ඇත. * අධික ලෙස ඇසුරුම් ද්‍රව්‍ය යොදාගෙන ඇති නිෂ්පාදන පිළිබඳව අදාළ නිෂ්පාදකයන් දැනුම්වත් කිරීම. එය සම්පත් නාස්‌තිය වළක්‌වා ගැනීමට උපකාරී වේ. * එක් වරක් භාවිත කිරීමෙන් පසු ඉවත ලන ආවරණ හා බඳුන් වෙනුවට නැවත නැවත භාවිත කිරීමට හැකි ද්‍රව්‍ය සඳහා මුල්තැනක් දීම. උදා ( ප්ලාස්‌ටික් බීම බෝතල් වෙනුවට වීදුරු බීම බෝතල් තෝරාගැනීම හා ප්ලාස්‌ටික් ජල බෝතල් වෙනුවට ඔබේ ම ජල බෝතලයක් භාවිත කිරීම. * නිවසට රැගෙන ආ ඇසුරුම් වෙනත් ඵලදායී කාර්යයක් සඳහා යොදාගැනීම. උදා( කඩදාසි, පෙට්‌ටි, ටින්, බෝතල්. * නැවත භාවිත කළ නොහැකි ඇසුරුම් එකතු කර ප්‍රතිචක්‍රිකරණය කිරීම සඳහා යොමු කිරීම. උදා ( කාඩ්බෝඩ්, කඩදාසි, පොලිතීන්, වීදුරු හා ඇලුමිනියම් වැනි ලෝහමය දේ. * පරිසර හිතකාමී ඇසුරුම් ද්‍රව්‍ය යොදාගෙන ඇති නිෂ්පාදන සම්බන්ධව ප්‍රමුඛතාවක් ලබා දීම. උදා ( ජෛව හායනයට ලක් වන ප්ලාස්‌ටික්. * අප මිල දී ගත් ද්‍රව්‍යවල ඇති ඇසුරුම් ඉවත ලෑමේ දී පරිසරය පිළිබඳව අවධානය යොමු කිරීම. * කුඩා ප්‍රමාණවලින් වරින් වර භාණ්‌ඩ මිල දී ගැනීමේ දී වැඩි ඇසුරුම් ප්‍රමාණයක් අවශ්‍ය වේ. හැකි සැම විට ම, එක් වරක් අවශ්‍යතාව අනුව වැඩි ප්‍රමාණයක් මිල දී ගැනීමෙන් ඔබ භාවිත කරන ඇසුරුම් ප්‍රමාණය අඩු වේ. කුඩා ප්‍රමාණයේ පැකට්‌ටු මිල දී ගැනීමෙන් වැළකීම යෝග්‍ය ය. * මේ පණිවිඩය පිළිබඳව අන් අය දැනුවත් කිරීම. ධනේෂ් විසුම්පෙරුම ඔබේ අදහස් dhaneshw@ymail.com | |||
Source : http://www.vidusara.com/2013/04/03/feature3.html |
LET US BUILD THE YOUTH MOVEMENT FOR BETTER SOCIETY
Wednesday, April 10, 2013
Enviromnetal Polootion.
Thursday, March 21, 2013
Providing
exercise books for the helpless children
The program was held in the town hall
on 16th of March 2013 in Mannar
Objectives of the program-
1.
Support
to develop educational situation of the selected 50 children who are in the
women headed families, as well as the displaced families which are facing
economic difficulties in ten villages where National Fisheries Solidarity
Movement works in Mannar district.
2.
To
be concerned about the difficulties the children face specially the
transportation problems to the responsible government officials on their
schooling because of finding any solution for those issues.
Some religion, communal and
government officials participated to the program.
Providing resources for school children
A ceremony was organized to provide instruments for school
children who are living in selected six welfare camps as displaced people due
to the war since 1990 on 3 th of March 2013 at the agrarian school in
Maradanamadam, Jaffna.
Expressing the invitees, they said that the people who are
living yet in the camps should be resettled soon. People are facing many
difficulties. They have to move even
form the welfare camps because land owners have requested the people to
release their land because welfare camps have been built in the privet
properties. So, people are going to displace again.
Thursday, January 17, 2013
Subscribe to:
Posts (Atom)