May 26, 2018 at 12:00 pm | lanka C news

ගෝලීය දේශගුණ අවදානම් දර්ශකය (Global Climate Risk Index) මගින් 2018
වසර සඳහා නිකුත් කොට ඇති වාර්තාව මගින් ශ්‍රී ලංකාව ස්වාභාවික විපත්වලින්
අධි අවදානම් සහිත රටවල් අතරින් හතරවන ස්ථානයේ පසුවන බව පෙන්වා දී තිබේ.
එම වාර්තාවේ පළමු ස්ථානය හයිටි දිවයින හිමිකරගෙන සිටින අතර පිළිවෙළින්
සිම්බාබ්වේ සහ ෆීජී යන රටවල් දවෛනි තුන්වෙනි ස්ථාන හිමිකර ගෙන සිටී.
1997 සිට 2016 දක්වා වූ කාලගුණ දත්ත විශ්ලේෂණය කරමින් මෙකී වාර්තාව
සකසන අතර 2016 වසරේ නිකුත් කළ මෙවැනිම වාර්තාවක් විසින් ශ්‍රී ලංකාව 95
වෙනි ස්ථානයට ලැයිස්තුගතව තිබුණි. එහෙත් ඉන්පසු සිදුවූ ස්වාභාවික විපත් සහ
ඒවායෙන් සිදුවූ හානි නිසා ශ්‍රී ලංකාවේ තත්ත්වය සිව්වන ස්ථානය දක්වා ඉහළ
නැග තිබේ.
ඊට හේතුව ලෙස මෙම වාර්තාව දැක්වනුයේ ශ්‍රී ලංකාව, ෆීජි, වියට්නාමය වැනි
රටවල් ඉතා අඩුකාල පරාසයක් තුළ ස්වාභාවික විපත් රැසකට මුහුණ දීම මෙම
තත්ත්වයට හේතු වී ඇති බවයි.
සිම්බාබ්වේ දේශය දිගුකාලීන නියඟයකට මුහුණ දෙමින් සිටිම එම රට මෙම දර්ශකයේ දවෛනි ස්ථානය පත්වීමට හේතු වී තිබේ.
ඊට අමතරව සංවර්ධිත රටවලට සාපේක්ෂව ඌන සංවර්ධිත රටවල්වලට ස්වාභාවික
විපත්වලින් දැඩි අවදානමක් උද්ගතව තිබෙන බවද මෙම වාර්තාව පවසයි. එමෙන්ම
ගෝලීය උණුසුම ඉහළ යෑම සහ දේශගුණ විපර්යාස නිසා ස්වාභාවික විපත් ශීඝ්‍රයෙන්
ඉහළ යා හැකි බවත්, ශ්‍රී ලංකාව, හයිටි, ෆීජි වැනි දූපත් රාජ්‍යවල පැවැත්මට
ඒවා දැඩිව බලපානු ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි.
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
– lakbima