<<<<<<<<<<<<<<<<<<<<<<<<<LET US BUILD THE YOUTH MOVEMENT FOR BETTER SOCIETY>>>>>>>>>>>>>>>>>>>>>>>>>

Thursday, October 18, 2012

පාරම්පරික ඉඩම් උදුරාගැනීමට එරෙහිව ධීවරයෝ උද්ඝෝෂණයක

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 15 සඳුදා - 12:56 GMT

Protesters in Colombo
ගොවි බිම් ඇතුළු ඉඩම් මෙසේ පවරා ගැනීම ආහාර අනාරක්ෂිත භාවයට මුල පිරීමක් විය හැකි බවටද ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියකින් උද්ඝෝෂකයෝ අනතුරු අඟවති
සංචාරක කර්මාන්තය සහ වෙනත් සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේ නාමයෙන් සිය පාරම්පරික ඉඩම් උදුරාගනිමින් සිටින බවට ආණ්ඩුවට චෝදනා කරමින් ධීවරයන්, ගොවීන් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් කොළඹදී උද්ඝෝෂණයක නිරතව සිටියහ.
"අපි ජීවත්වෙන්නේ මීගමු කලපුවෙන් අපිට තියන ලොකුම තර්ජනය තමා ඒ කලපුව හැම පැත්තෙන්ම විනාශ වේගෙන යන්නේ. තියන දූපත් ටික විකුණලා තියෙනව ඒවා අරගෙන හෝටල් ගහල තියෙනව," කල්පිටිය වාසී කාන්තාවක් තමන් මුහුණදී සිටින තත්ත්වය විස්තර කළාය.
කල්පිටියේ ධීවරයන්ගේ දූපත් උදුරා ගැනීමට මාන බලමින් සිටින බවට උද්ඝෝෂණය එක්ව සිටි අබ්දුල් රවුෆ් ආණ්ඩුවට චෝදනා කළේය.
"ලොකු ව්‍යාපෘති කියල දූපත් 14 ක් අරගෙන ඒක හෝටල් වලට විකුනන්න ආවේ. එතකොට එහෙ ඉන්න ධීවරයන්ට අසාධාරණකම් වෙනවා," ඔහු පැවසීය.

ජීවත්වීමේ අයිතිය

Protest in Colombo
'අපි ජීවත්වෙන්නේ මීගමු කලපුවෙන් අපිට තියන ලොකුම තර්ජනය තමා ඒ කලපුව හැම පැත්තෙන්ම විනාශ වේගෙන යන්නේ'
උතුරු නැගෙනහිර ඇතුළු විවිධ පලාත්වල සිට පැමිණි 2000 ක පමණ පිරිසක් මෙසේ කොළඹට පැමිණ ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට තිබෙන ජීවත්වීමේ අයිතිය බවයි, සමාජ හා සාමයික කේන්ද්‍රයේ අශෝක් ස්ටීවන් පියතුමා පෙන්වා දෙන්නේ.
මේ අතර අදහස් දැක්වූ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර පැවසුවේ "ධීවරයාට, ගොවියට, වතු කම්කරුවට, උතුරේ යුද්දෙන් අවතැන් වෙච්ච ජනතාවට තමන්ගේ ඉඩම්වල, ගොවි බිම්වල, ඔවුන් ජීවත් වෙච්ච වනාන්තර මේ සියල්ල අද ක්‍රමයෙන් අහිමිවීගෙන යනවා. සංචාරක ව්‍යාපාරයට ඒ වගේම වෙනත් සංවර්ධන ව්‍යාපෘති නමින් අහිමි කරන," බවයි.
මේ ප්‍රශ්නයේදී දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවට ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානයේ නීතිඥ නිමල්කා ප්‍රනාන්දු චෝදනා කරන්නීය.
"ගොවි ජනතාවට සහන සලසන බවට රටට පෙන්නුවට අපි දකින්නේ යුද්දයට පස්සේ පානම ඉඳල මඩකලපුව දක්වා මුහුදු තීරයත් උතුරේ මුහුදු තීරයත් මේ වෙනකොට අධි ආරක්‍ෂිත කලාප කියල එක පැත්තකින් අතට ගන්නවා අනික් පැත්තෙන් සංචාරක කර්මාන්තය දියුණු කරන්න කියල අතට අරගෙන තිබෙනවා," ඇය සඳහන් කළාය.
මුළු ලෝකයම ආහාර හිඟයකට මුහුණදී සිටින සමයක ගොවි බිම් ඇතුළු ඉඩම් මෙසේ පවරා ගැනීම ආහාර අනාරක්ෂිත භාවයට මුල පිරීමක් විය හැකි බවටද ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත යොමු කළ ලිපියකින් උද්ඝෝෂකයෝ අනතුරු අඟවති.

Wednesday, October 17, 2012

The Protest Against of  Destruction in Negombo Lagoon, 
Sri Lanka.


The Protest on 09/10/2012 in Negombo Sri Lanka for Stop  Pollution, lagoon embankment destruction of Negombo Lagoon. it is voice of women's around the NegomboLagoon.

Friday, October 5, 2012

Let us Protect Our Environment in Sri Lanka 

Environment Condition of Sri Lanka is in risk now because low of the country to environment is not functioned as Justice 

The younger generation should be organized  as well to protect the environment of the country.