<<<<<<<<<<<<<<<<<<<<<<<<<LET US BUILD THE YOUTH MOVEMENT FOR BETTER SOCIETY>>>>>>>>>>>>>>>>>>>>>>>>>

Tuesday, September 17, 2013

2050 දී ලෝකය කෙබඳු වේ වි ද?

අද රාත්‍රියේ නින්දට යන ඔබ හෙට උදැසන අවුරුදු 40ක්‌ ඉදිරි අනාගතයට අයත් ලෝකයට එක්‌වර ම පා තැබුව හොත් ඔබට ඇති විය හැක්‌කේ කෙබඳු හැ`ගීමක්‌ ද? විඳිනු ඇත්තේ කෙබඳු අත්දැකීමක්‌ ද?

දිගු නින්දකින් පසු උදැසන අවදි වූ විට මුළු පරිසරය ම ඉතා නිස්‌කලංක වීම ඔබට නුපුරුදු අත්දැකීමක්‌ වනු ඇත. තවදුරටත් ඔබේ සවනට එන්ජින්වල අප්‍රසන්න ගෙරවිලි හ`ඩවලින් සහ යන්ත්‍රවලින් නිකුත් වන රළු ඝෝෂාවන් ගෙන් බාධා වන්නේ නැත. ඔබ පෙර දින ජීවත් වූ ලෝකයේ ම තවදුරටත් ජීවත් වුවත්, ඔබට එය වෙනස්‌ ම ආකාරයේ අත්දැකීමක්‌ වනු ඇත. ඊයේ වාහනවලින් නිකුත් වන ඝෝෂාව නිසා අප්‍රසන්න ව පැවැති පරිසරය අද ඉතා නිස්‌කලංක ස්‌වභාවයක්‌ උසුලයි. හයිඩ්‍රජන් ඉන්ධන කෝෂ (ජලය මගින්) ශක්‌තිය ලබා දීම නිසා ඊයේ අප භාවිත කළ උපකරණ බොහොමයක්‌ නවීකරණය වී ඇත. මේ කෝෂ තුළ දී හයිඩ්‍රජන් සහ ඔක්‌සිජන් එකිනෙක සම`ග ප්‍රතික්‍රියා කිරීම සඳහා එක ස්‌ථානයකට මුදාහරිනු ලැබේ. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ජලය නිෂ්පාදනය වේ. මෙය ඉතා පිරිසිදු ශක්‌ති ප්‍රභවයකි. මිලෙන් ද අඩු ය. පෙර දා රාත්‍රියේ ෆොසිල ඉන්ධන දහනයෙන් නිකුත් වන අමිහිරි ශබ්දයත් සම`ග ඔබ සුවසේ නිදාගත්තේ කෙසේ ද යන්න දැන් ඔබට ම ගැටලුවක්‌ වනු ඇත.

හිටිහැටියේ 2050 වසරේ උදැසනක අවදි වුණ ඔබ ඊළ`ගට ඇඳෙන් බැස ස්‌නානය කිරීමට යනු ඇත. එහි දී උණුසුම් ජල බිංදු ඉතා සෞම්‍ය ලෙස ඔබේ සිරුර වැළඳගන්නාක්‌ මෙන් ඔබට දැනෙනු ඇත. ඒ පෙර දිනයේ දී ඔබට මෙලෙස උණුසුම් ජලය ස්‌නානය කිරීම සඳහා විශාල පිරිවැයක්‌ දැරීමට වූ බැවිනි. එහෙත් අද ඒවා සූර්ය තාපය ආශ්‍රයෙන් උණුqසුම් කරගන්නා නිසා ඔබට කිසිදු පිරිවැයක්‌ දැරීමට සිදු වන්නේ නැත. එපමණක්‌ නො වේ. වතුර පයිප්පයේ සිට වේගයෙන් ඇදහැළෙන ජල දහරාව මගින් නැනෝ ජෙනරේටර් පද්ධතියක්‌ ක්‍රියාත්මක වේ. නිවසට අවශ්‍ය විදුලියෙන් කොටසක්‌ නිපදවීමට එම`ගින් උපදින ශක්‌තිය ප්‍රමාණවත් ය. ඔබේ නිවසේ ඇති නැනෝ ජෙනරේටර් ගංගාවල, ඇළවල සහ මුහුදේ භාවිත කරන ජෙනරේටර් තරම් බලගතු නැත. එහෙත් ඉන් ඔබ ගේ උදැසන තේ කෝප්පය පිළියෙල කර ගැනීමට ප්‍රමාණවත් තරම් බලශක්‌තියක්‌ උත්පාදනය වේ. ඉතා කුඩා පීඩ විද්යුත් කම්බි සුනම්‍ය උපස්‌තරයක්‌ මත තබා ඒවායේ කෙළවර තුනී ස්‌වර්ණ පත්‍ර ඉලෙක්‌ට්‍රොඩයකට සම්බන්ධ කිරීමෙන් මෙවැනි නැනෝ ජෙනරේටර සකස්‌ කර ඇත. ඒ අයුරින් සකස්‌ කර ගත් කම්බි මතට ජල දහරාවක්‌ වැටීමට සැලැස්‌වූ විට ඒවා එකිනෙක සම්පීඩනය වීමෙන් ඉලෙක්‌ට්‍රොaන ස්‌වර්ණ සන්නායකය කරා ගමන් කරයි. මේ ක්‍රියාවලියෙන් විද්යුත් ශක්‌තිය උත්පාදනය වේ. පෙර දිනයේ දී අපතේ ගිය ජලය සරල ක්‍රමවේදයකින් අද තවත් කාර්යයකට යොදාගෙන ඇත්තේ මෙලෙසිනි.

නාන කාමරයෙන් පිටතට එන ඔබ ගේ මුවගට සතුටු සිනාවක්‌ නැෙ`ගන්නේ ඔබ දැන් සම්පූර්ණයෙන් ම කාබන් රහිත ලෝකයක ජීවත් වන බව වැටහීමෙනි. උදැසන තේ කෝප්පය පිsළියෙල කරගැනීමට කේතලය ක්‍රියාත්මක කිරීම පිණිස පහළ මාලයට බැසීමට පෙර වැසිකිළි යැමේ වුවමනාවක්‌ ඔබට ඇති වේ. ශරීර කෘත්‍යයෙහි නිරත වන අතරතුර දී ඔබ ගේ මළ පහවලින් පවා පොහොර සහ ජීව ඉන්ධන වැනි දැ තැනීම මේ යුගයේ සාමාන්‍ය දෙයක්‌ ව ඇති අයුරු ඔබට සිහි වේ. ළ`ග ම පිහිටි විදුලි බලාගාරයන් තුළ දී මේ අපද්‍රව්‍ය නැත හොත් ජෛව ඉන්ධන යොදාගෙන විද්යුත් ශක්‌තිය උත්පාදනය කරනු ලැබේ. මෙලෙස ඔබ ගේ බහිස්‍රාවීය ද්‍රව්‍ය සැමට විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගැනීම අමුතු දෙයක්‌ සේ හැ`ගුණ ද, එම`ගින් බලශක්‌තිය සඳහා ඔබට දැරීමට සිදු වන පිරිවැය බොහෝ දුරට අඩු වී ඇත. ඒ හේතුවෙන් ඔබ ගේ එදිනෙදා කටයුතු සාමාන්‍ය අයුරින් සිදු වන අතර ම භාණ්‌ඩවල මිල ගණන් ද පහළ මට්‌ටමක තබා ගැනීමට හැකියාව ඇති වී තිබේ.

හයිඩ්‍රජන් උදුන ආධාරයෙන් ඔබේ උදැසන ආහාරය පිළියෙල කරගැනීමෙන් පසුව ඔබ සේවය කරන ස්‌ථානයට යැම සඳහා මෝටර් රථය වෙත පියනගනු ඇත. මෝටර් රථය ක්‍රියාත්මක කළ විට එහි හයිඩ්‍රජන් ඉන්ධන මට්‌ටම පහළ බව ඔබ දකියි. එබැවින් ඔබ ඉන්ධන පිරවුම් හළක රථය නතර කරනු ඇත. එම ඉන්ධන හළෙහි දී ජලය ප්‍රතිවර්ත්‍ය විද්යුත් විච්ඡේදනය සඳහා යොමු කරනු ලැබේ. එම ක්‍රියාවලියේ දී ජලය හරහා විද්යුත් දහරාවක්‌ ගමන් කරවීම ම`ගින් ජලයෙන් හයිඩ්‍රජන් සහ ඔක්‌සිජන් වෙන් කරගනු ලැබේ. මේ ආකාරයට ඔබේ වාහනයේ ඇති අපවිත්‍ර ජලය ඉහත අයුරින් විද්යුත් විච්ඡේදනයට ලක්‌ කරමින් නැවත වාහනයේ ඉන්ධන ටැංකියට පිරිසිදු හයිඩ්‍රජන් පුරවනු ලැබේ. මේ ක්‍රියාවලීන් දෙක සඳහා ම ශක්‌තිය වැය වන නමුත් එම ශක්‌තිය ද ලබා ගැනෙන්නේ අමතර පිරිවැයකින් තොර ව ය. ඒ සූර්ය ශක්‌තිය ම`ගින් සහ වාහනය ධාවනය කිරීමේ දී ටයරවල ඝර්ෂණය මගින් ජනිත වන ශක්‌තීන් ආධාර කරගෙන ජලය උණුසුම් කරගැනීමෙන් හුමාලය නිපදවා එමගින් ටර්බයිනයක්‌ ක්‍රියාත්මක කිරීමෙනි. මේ ශක්‌තියට සූQර්ය කෝෂයේ ශක්‌තිය ද එකතු වූ විට ඉන්ධන පිරවීමේ සම්පූර්ණ ක්‍රියාවලියට ම අවශ්‍ය ශක්‌තිය පහසුවෙන් සැපයේ.

ඉන්පසුව ඔබ සේවය කරන ස්‌ථානයට යැම සඳහා ගමන් අරඹනු ඇත. ඔබ වාහනය තුළ සිටින විට වුවත් එන්ජිමෙන් නිකුත් වන හ`ඩ ඔබට ඇසෙන්නේ රහසින් මෙනි. එහෙත් ඔබ ගුවන් තොටුපළක්‌ අසලින් ගමන් කරන විට, ගුවන් ගත කරන යානාවලින් නිකුත් වන ශබ්දය නිසා මේ නිස්‌කලංකභාවය ඔබට තවදුරටත් විඳ ගැනීමට නොහැකි වේ. තාක්‌ෂණයේ දියුණුවත් සම`ග අප ජලය ම`ගින් නිපදවන හයිඩ්‍රජන් ඉන්ධන එන්ජින් ක්‍රියාකිරීමට යොදාගත්ත ද ගුවන් යානා සඳහා තවමත් ඒවා ආදේශ කර නැත්තේ වැඩි ආරක්‌ෂාව පළමු තැනෙහි ලා සැලකීමෙනි. ඉහළ අහසේ දී හයිඩ්‍රජන් ගිනිගැනීමක්‌ වැනි අනතුරක්‌ වැළැක්‌වීම පිණිස යෙදිය යුතු ආරක්‌ෂක උපක්‍රම සඳහා විශාල ශක්‌ති ප්‍රමාණයක්‌ වැය වේ.

ඔබ තම සේවා ස්‌ථානයට ළ`ගා වන විට වීදීවල දල්වා ඇති LED පහන් ඔබට දක්‌නට ලැබේ. ඒවාට ශක්‌තිය ලබා දෙන්නේ න්‍යෂ්ටික බලාගාර මගිනි. මේ කාලයේ මුළු රටේ ම නිවෙස්‌වලට ද න්‍යෂ්ටික බලාගාර මගින් විදුලිය උත්පාදනය කරනු ලැබේ. න්‍යෂ්ටික බලාගාරයක සිදු කරන න්‍යෂ්ටික විඛණ්‌ඩන ක්‍රියාවලිය අහසේ තාරකාවල ස්‌වාභාවිකව ම සිදු වන්නකි. එහි දී පරමාණු න්‍යෂ්ටි එකිනෙක ගැටීමට සැලැස්‌වීමෙන් විශාල ශක්‌තියක්‌ ජනිත කරයි. එම ශක්‌තිය මුළු රටේ ම විදුලි උපකරණ ක්‍රියාත්මක කරවීමට වුවත් ප්‍රමාණවත් වේ. පැරැණි න්‍යාෂ්ටික බලාගාරවල මෙන් 2050 දී නව ක්‍රමවේදයන්ට සිදු කරනු ලබන න්‍යාෂ්ටික ප්‍රතික්‍රියාවල දී විකිරණශීලී අපද්‍රව්‍ය පිට නො වීම විශේෂත්වයකි.

ඔබ සේවය කරන ස්‌ථානයට පැමිණි පසු, පෙර ගත කළ ජීවන රටාවට නැවත අවතීර්ණ වීමට සිහිනෙකින් වත් ඔබ කැමැති නො වන බව හොඳහැටි ම පසක්‌ වේ. මන්ද යත් පරිසර දූෂණය, උද්ධමනය, වායුගෝලය උණුසුම් වීම වැනි බරපතළ ගැටලු රාශියකට එම අතීත යුගයේ දී ඔබට මුහුණ දීමට සිදු වූ බැවිනි.

මෙතෙක්‌ කී කතාව මන(කල්පිත නමුත් එම`ගින් අනාගත අත්හදාබැලීම් පිළිබඳව කෙබඳු අවබෝධයක්‌ අපට ලබා ගත හැකි ද?

අද පෘථිවියේ පවතින රසායනික ක්‍රමවේදයන් සතු ව ඉහත කී සියලු ම පරිවර්තනයන් සිදු කිරීමේ ශක්‍යතාව පැවතිය හැකි ය. හයිඩ්‍රජන් මගින් ක්‍රියා කරන වාහන දැනටමත් නිෂ්පාදනය කරමින් පවතින අතර ලොව පුරා පර්යේෂණාගාරවල ඇල්ගී යොදාගෙන ජෛව ඉන්ධන නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ද පර්යේෂණ සිදු කරයි. මේ සියල්ලට ම වඩා වැදගත් වන්නේ න්‍යෂ්ටික විලයනය මගින් ජනිත කරගන්නා ශක්‌තිය පවා අපට අනාගතයේ දී ලබා ගත හැකි වීමයි. සම්පූර්ණයෙන් ම ෆොසිල ඉන්ධන කේන්ද්‍ර කරගත් අප ගේ වත්මන් යටිතල ව්‍යqහය සඳහා න්‍යෂ්ටික ශක්‌තිය පමණක්‌ යොදාගැනීම තරමක්‌ අසීරු සහ මිල අධික කාර්යයක්‌ වනු ඇත. එබැවින් අපට අනාගතයේ දී යටිතල පහසුකම් සපයා ගැනීම සඳහා පවතින සියලු ම ප්‍රභවයන් යොදා ගැනීමට සිදු වනු ඇත.

මෙලෙස විකල්ප ක්‍රමයන් භාවිතයට පැමිණිය ද අපට හයිෙඩ්‍රාකාබන් වර්ග සම්පූර්ණයෙන් ම භාවිතයෙන් ඉවත් කළ නොහැකි ය. මන්ද යත් සමහර ප්ලාස්‌ටික්‌ සෑදීමට සහ සමහර බෙහෙත් වර්ග සෑදීමට මේවා යොදාගන්නා බැවිනි. එහෙත් අප ෆොසිල ඉන්ධන මත යෑපීම සැලකිය යුතු මට්‌ටමකට පාලනය කරගනු ඇත. එවිට අපට අත්‍යවශ්‍ය උපකරණ ක්‍රියා කරවීම සඳහා පමණක්‌ ෆොසිල ඉන්ධන භාවිත කර අනෙකුත් කාර්යයන් සඳහා විකල්ප ශක්‌ති ප්‍රභවයන් භාවිත කළ හැකි ය.

අරුන්දිකා පේමතිලක
Source : http://www.vidusara.com/2013/01/30/feature3.html

Monday, September 16, 2013

Sea Erosion In Sri Lanka


          This is the Golden beach of Unawatuna in Sri Lanka. This beautiful beach is eroding severely because of the poor coastal environment management.





Thursday, September 12, 2013

YMESOC Youth Program 2013.09.12

Introduction the Object by Youth Coordinator

Lecture of how  to  achieve our targets






Their are drafting how achieve the targets  

Their are drafting how achieve the targets

Their are drafting how achieve the targets

Their are actively participating

Their are actively participating

Their are actively participating

Ice break

Their are drafting how achieve the targets

Their are drafting how achieve the targets

Their are drafting how achieve the targets

Their are drafting how achieve the targets

One of part in the social analysis 

One of part in the social analysis

One of part in the social analysis