<<<<<<<<<<<<<<<<<<<<<<<<<LET US BUILD THE YOUTH MOVEMENT FOR BETTER SOCIETY>>>>>>>>>>>>>>>>>>>>>>>>>

Wednesday, November 8, 2017

පෝර්ට් සිටි ව්‍යාපෘතිය හේතුවෙන් දැනට උද්ගත වී තිබෙන මහත් ව්‍යසනයන් පිළිබඳව හා ධීවර විරෝධය පිළිබඳව වැරදි ප‍්‍රචාරයන්ට ප‍්‍රථිචාර දැක්වීම සඳහා පැවැත් වූ මාධ්‍ය හමුව


පෝර්ට් සිටි ව්‍යාපෘතිය හේතුවෙන් දැනට උද්ගත වී තිබෙන මහත් ව්‍යසනයන් පිළිබඳව හා ධීවර විරෝධය පිළිබඳව වැරදි ප‍්‍රචාරයන්ට ප‍්‍රථිචාර දැක්වීම සඳහා පැවැත් වූ මාධ්‍ය හමුවක් 2017/10/31 වන දින පෙ.ව 9.00ට අංක: 115, සාන්ත මරියා මාවත, මීගමුවේ පිහිටි ශ‍්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේදී පැවැත්වීය.
2014 සැප්තැම්බර් 14 වන දින නිල වශයෙන් ආරම්භ වු පෝර්ටි සිටි නොහොත් කොළඹ මුල්‍ය නගර සංවර්ධන ව්‍යාපෘතිය විවිධ මුහුණුවරින් විවිධ ක්ෂේත‍්‍රයන්ට බලපෑම් එල්ල කරමින් සිටින අතර විශේෂයෙන් එය අද වන විට ධීවරයාට සහ පරිසරයට පමණක් නොව සමාජ, ආර්ථික, වශයෙන් ද දැවැන්ත හානියක් සිදුකරමින් කි‍්‍රයාත්මක වෙයි.
රජය විසින්, 2016 ඔක්තෝබර් මස මීගමුවේ දී, විරෝධතා දැක්වූ ධීවර ජනතාවට පැවසූයේ වෙරළේ සිට කිලෝමීටර 10කට එපිටින් වැලි ලබා ගන්නා බවට වුවද, මේවන විට වැලි ලබා ගැනීම වෙරළේ සිට කිලෝමීටර 5 කට මෙපිටින් එනම් වෙරළේ සිට කි.මී 4-6 අතර දුරින් වැලි ලබා ගැනිම සිදුවන බව ධීවරයින් වාර්තා කරයි.
වැලි ඝණ මීටර ලක්ෂ 700ක් ගැනීම ස`දහා වෙරළේ සිට කිලෝමීටර 5 කට ඔබ්බෙන් වැලි ලබා ගැනීමට නිත්‍යානුකුලව අවසර දී තිබු නමුත් මෙම තත්වය තව තවත් බරපතල අධිරයකට පත් කරමින් කලින් ඇස්තමේන්තුගත වැලි ඝණ මීටර් ලක්‍ෂ 700කට වඩා තවත් අමතර වැලි ඝණ මීටර් ලක්‍ෂ 400ක් අවශ්‍ය බවත්, ඒවා ලබා ගැනීමට, නිත්‍යානුකුලව අවසර ඉල්ලමින් මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමති, චම්පික රණවක මහතා කැබිනට් පති‍්‍රකාවක් ද ඉදිරිපත් කර ඇතිබව, මාධ්‍ය මගින් නිරාවරණ කරන ලදී. දැනට සිදුවන වැලි ගැනීම හේතුවෙන් වෙරළේ සිදුවන ඛාදනයන් සීඝ‍්‍ර වෙමින් පවතින අතර මීගමුව, බසියාවත්ත ප‍්‍රදේශයට අමතරව වැල්ලවීදීය ප‍්‍රදේශයද , තලාහේන පේරුවේ වෙරළ තීරයද සීඝ‍්‍ර මුහුදු ඛාදනයකට ලක්වීම පිළිබඳවද,
අපගේ මාධ්‍ය හමුවේදි, පෝට් සිටි ව්‍යාපෘති නිළධාරීන් විසින් සංවිධානය කළ ක්ෂේත‍්‍ර සංචාරයකින් අනතුරුව එහි තිරසර බව පිළිබඳව විවිධ ධීවරයින් විසින් කළා යැයි ස`දහන් ප‍්‍රකාශ පිළිබඳව මාධ්‍ය විසින් වාර්ථා කළ කරුණු වලට පිළිතුරු ලබා දෙන ලදී.
                                                                                                             
                                                                                              

 

No comments:

Post a Comment